Monday, January 9, 2017

වේගයෙන් පැතිර යන නිහඬ වසංගතය

අප රටේ නොයෙක්‌ වසංගත අප දැක තිබෙනවා. ඒ අතරින් මැලේරියා පෝලියෝ සෙංගමාලය ඉන්µaලුවන්සා වැනි වසංගත ප්‍රධාන තැනක තිබුණා. නමුත් වෛද්‍ය සේවාවන්වල විශිෂ්ට සේවය නිසා ඒවා තුරන් කිරීමට හැකියාව අප සතු වුණා. නමුත් තවමත් වෛද්‍ය සේවාවන්ට පාලනය කර ගත නොහැකි සැඟවුණ වසංගත තිබෙන බව ඔබ දන්නවාද? එයින් එක්‌ සැඟවුණු නමුත් සීඝ්‍රයෙන් පැතිරෙන වසංගතයක්‌ ගැන සාකච්ඡා කිරීමට මෙවර අපි අදහස්‌ කළෙමු.

වෛද්‍යතුමනි අපේ සාකච්ඡාවේ ප්‍රවිශ්ඨය සඳහා ඔබ සඳහන් කළ වචනය එනම් සැඟවුණු වසංගතය නැතිනම් නිහඬ වසංගතය යන්න අර්ථ දක්‌වන්නේ කොහොමද?


සැඟවුණු නැතිනම් නිහඬ වසංගතය යන්නෙන් මා අදහස්‌ කරන්නේ ලෙඩක්‌ නැති ලෙඩක්‌ යෑයි හඳුනාගත නොහැකි එහෙත් ජීවිතය විනාශ වන ජීවිතයේ සාරය ඇද දමන වසංගතයක්‌ ගැනයි.
එම සැඟවුණු වසංගතය කුමක්‌ද?
මානසික අවපීඩනය හෙවත් විෂාදයයි.
මානසික අවපීඩනය සැඟවුණු වසංගතයක්‌ වෙන්නේ කොහොමද?
සැඟවුණු යන වචනය මා සඳහන් කරන්නේ එය බොහෝ සාමාන්‍ය ජනතාවක්‌, එයින් පෙළෙන කෙනාටත් හඳුනාගත නොහැකි රෝගයක්‌ නිසයි. ඒ වගේම බොහෝ වෛද්‍යවරුන්ටත් සොයා ගත නොහැකි රෝගයක්‌ වී තිබෙනවා. මානසික අවපීඩනය වසංගතයක්‌ යෑයි මා හඳුන්වන්නේ මෙම රෝගයන් පෙළෙන අය දැන් දැන් වැඩි වශයෙන් හමුවන නිසයි.
ඇයි විෂාදය හෙවත් මානසික අවපීඩනය හඳුනාගත නොහැකි යෑයි පවසන්නේ?
ඔබ දන්නවා මීට කලින් පුවත්පත් ලිපිවලදී ද කියා තිබෙන විදියට මානසික අවපීඩනය කියන්නේ කල්පනා කරන නිතර සිත් තැවුලෙන් සිටින සියදිවි නසා ගන්න උත්සාහ කරන මානසික රෝගී තත්ත්වයක්‌. නමුත් අප සමාජය තුළ එළියට පෙන්වන්නේ එසේ නොවෙයි.
එසේ නම් කොහොමද පෙන්වන්නේ?
මට උදාහරණ කීපයක්‌ පැවැසිය හැකියි. එවිට මානසික අවපීඩනය හඳුනාගත නොහැකි රෝගයක්‌ යෑයි මා හඳුන්වන්නේ ඇයි දැයි ඔබට වැටහෙයි.
එක්‌ පවුලක පුතෙක්‌ දැන් වසර ගණනක්‌ තිස්‌සේ රෝගයකින් පෙළෙනවා. මවගේ මුළු අවධානයම දැන් පුතා කෙරෙහි යොමු වෙනව විනා සැමියා කෙරෙහි යොමු වන්නේ නැහැ. ඔහුගේ අවශ්‍යතා නොසලකා හරිනවා. ඔහුට ආදරය අහිමි නිසා ඔහු දැන් දිනපතාම මත්පැන් පානය කරනවා. තම බිරිඳ ගැන සැක හිතනවා. ගෙදර කලකෝළහල කරනවා. රැකියාව පවා අහිමි කර ගත්තා. පවුලේ ප්‍රශ්න දැන් තුන් හතර ගුණයකින් වැඩිවෙලා. මෙහිදී කවුරුත් මෙම පුද්ගලයාට මානසික අවපීඩනයක්‌ තිබෙන බවට අනුමාන කරන්නේ නැහැ. ඔහුගේ නරක හැසිරීම් ගැන කතා කරනවා. මේ තත්ත්වයෙන් එම පවුල ගොඩඑන්න නම් මොහුට ප්‍රතිකාර නොකර බැහැ.
ඔව් මට දැන් තේරෙනවා මානසික අවපීඩනය හරියට අවතාරයක්‌ වගේ සෙමින් මෙම පවුල තුළට ආ විදියටම දැක ඇති තවත් උදාහරණ තිබෙනවාද?
තවත් උදාහරණයක්‌ බලමු. ඉහළ අධ්‍යාපනයක්‌ ලද මධ්‍යම පාන්තික අවුරුදු 32 තරුණයෙක්‌. ඔහු ඉහළ මට්‌ටමේ රැකියාවක නිරතව සිට මීට වසර 4 කට පෙර හිටිවනම රැකියාවෙන් අයින් වුණා. එදා සිට ඔහු ගෙදර නිකම් ඉන්නවා. කිසිම වෙනසක්‌ පෙන්වන්නේ නැහැ. නමුත් පියාට බනිනවා. මීට අවුරුදු 20 කට පෙර පියාගේ තිබූ අනියම් සම්බන්ධයක්‌ ගැන පවසමින් බනිනවා. මව නැතිව ඉන්න බැහැ. වටිනා ජීවිතයක්‌ මේ විදියට සමාජයට කිසිම සේවයක්‌ නොකර ගෙවී යනවා. මේ තත්ත්වය මානසික අවපීඩනය බව දුටු ගමන් පැවසිය හැක්‌කේ කාටද?
වෛද්‍යතුමනි ගම් පළාත්වල ප්‍රේත බැල්ම මියගිය අය ආවේශ වීම වැනි දේවල් මානසික අවපීඩනයේම වෙනත් මුහුණුවරක්‌ බව මා අසා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?
ඔව් ඒක ඇත්ත. අපි දකින ප්‍රේත දොaෂ, ග්‍රහ දොaෂ, මියගිය අය ආවේශ වීම වැනි දේවල් වන්නේ මානසික අවපීඩනය මුල්කර ගෙනයි. ඔවුන් කාලයක්‌ තිස්‌සේ මානසික අවපීඩනයෙන් තෙරපී සිටින විට එය එළියට එන්නේ මෙවැනි අත්දැකීම්වලින්. ඔය හරියට දිරන පිදුරු තුළින් බිම් මල් පිපෙනවා වගේ.
රටේ දික්‌කසාද වීම්වලට බීමත්කමට රැකියා අහිමි කර ගැනීමට මෙම මානසික අවපීඩනය බලපානවාද?
ඔව් ඔබ කී දේවල්වලින් 50% කට පමණම මානසික අවපීඩනය බලපාන බව අපි දකිනවා. හිතලා බලන්න මානසික අවපීඩනය හැදුන කාන්තාවක්‌ ගැන. ඇයට නිතර තරහ යනවා. සැමියා ගැන සැක කරනවා, ගේදොර වැඩ පළ කරන්නේ නැහැ. සැමියා නොසලකා හරිනවා, ලිංගික ජීවිතයෙන් පැන යනවා. දැන් සැමියා එක්‌කෝ මත්පැන්වලින් සහනයක්‌ සොයන්න පටන් ගන්නවා. නැතිනම් වෙනත් කාන්තා ඇසුරක්‌ සොයා ගන්නවා. එසේ නැතිනම් විවාහය දෙදරා යනවා. දැන් පෙනෙනවා නේද මෙම සැඟවුණු මානසික අවපීඩනය පවුල් තුළට ඇතුළු වන්නේ හරියටම වෛරස්‌ වගේ. නමුත් මෙවැනි සිදුවීම්වලදී සියලු දෙනාම දකින්නේ සැමියාගේ වරද විනා රෝගයක්‌ බව නොවෙයි. එය රෝගයක්‌ විදිය දුටුවත් බොහෝ අය සිතන්නේ එය හැදුණේ සැමියාගේ බීම නිසා. එසේ නැතිනම් වෙනත් ගැහැනියක්‌ නිසා බවයි.
ඔව් මෙම සැඟවුණු මානසික අවපීඩනය වසංගතයක්‌ වී තිබෙන ආකාරය දැන් හොඳින්ම පැහැදිලිය. මෙම සැඟවුණු වෛරසය නිසා ඇති වන තවත් බලපෑම් තිබෙනවාද?
එවැනි බලපෑම් බොහෝ තිබෙනවා. හේතුවක්‌ සොයා ගත නොහැකි ශාරීරික අසනීප එවැනි දෙයක්‌. හිසේ කැක්‌කුම්, අත පය රුදාව, හිරි වැටීම්, නොනවතින දැවිල්ල වැනි දේවල්. බොහෝ අය වෛද්‍ය පරීක්‍ෂණ සිදු කළත් සියලු පරීක්‍ෂණ වාර්තා සාමාන්‍ය එනම් කිසිම කායික රෝගයක්‌ නොමැති බව. වෙන රෝග ඒවායි. එසේම දක්‍ෂ පාසල් දරුවන් බලාපොරොත්තු නොවන විදියට විභාග අසමත් වීම තව දෙයක්‌. ඊට පසුව බොහෝ අය හිතන්නෙ විභාග අසමත් වුණ නිසා මානසික අවපීඩනයට පත් වූ බවයි. නමුත් සිදු වන්නේ මානසික අවපීඩනය නිසා විභාග අසමත් වීමයි. ඒ වගේම නොයෙක්‌ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් ඒ වගේ තම මානසික අසහනය නැති කර ගන්න තරුණයෝ මත්ද්‍රව්‍ය සොයා යනවා. මත්පැන් සොයා යනවා. ඒ වගේම කිව යුතු තව වැදගත් දෙයක්‌ වන්නේ අධික තරහා යාම, අධික තරහයැම මානසික රෝගයක ලක්‍ෂණයක්‌. අධික තරහ තමන්ගේ ශාරීරික සෞඛ්‍යයට වගේම තම පවුලේ අනෙක්‌ අයගේ මානසික සෞඛ්‍යටත් අහිතකරව බලපානවා. යහලු මිත්‍රයින් නැති වෙනවා. ආරවුල් ඇති වෙනවා. අනතුරු වෙන්නත් මානසික අවපීඩනය බලපානවා. මට හමුවන සමහර රෝගීන් තමන් හිතා මතාම වාහනය හප්පා ගන්නවා යෑයි සිතා කීප වතාවක්‌ම වාහනය ධාවනය කළ බව පවසා තිබෙනවා.
දැන් අපිට පෙනෙන විදියට මානසික අවපීඩනය මුල්කර ගෙන සමාජයේ බොහෝ ප්‍රශ්න ඇති වෙනවා. නමුත් මෙහි මුල කුමක්‌ දැයි අප හඳුනා ගන්නේ නැහැ.
ඔව් දැනට තිබෙන ප්‍රශ්නය එයයි. රෝගය තිබෙන කෙනාට සත්‍යය පෙනෙන්නේ නැහැ. ඔහු හෝ ඇය වටා සිටින අයට පෙනෙන්නෙත් නැහැ. සැඟවුණු වසංගතයක ලක්‍ෂණ එයයි.
ඔබ සමාජයට දෙන පණිවිඩය කුමක්‌ද?
මානසික අවපීඩනය ගැන පත පොතින් කියවන්න. අන්තර් ජාලයෙන් මේ පිළිබඳ ලක්‍ෂ ගණනක්‌ ලිපි පළවී තිබෙනවා. ඉන් පසුව ඔබේ ජීවිතයේ හෝ ඔබේ සමාජයේ කාගේ හෝ ජීවිතයට බලපාන යම් වැදගත් ගැටලුවක්‌ ඇතිවී තිබේ නම් එයට මානසික අවපීඩනය බලපා ඇත්දැයි සොයා බලන්න එවිට ඔබට ඔවුන්ට උදව් කළ හැකියි.
මෙවැනි ලක්‍ෂණ තිබෙන කෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීම සඳහා දුරකථන අංක 0812232928 ඇමැතිය හැකිය.
දිවයින පුවත් පතින්

No comments:

Post a Comment