Monday, June 1, 2015

මනෝමය කය පිළිබද

මෙය සත්‍ය සිදුවීමකි. අදාළ පුද්ගලයන්ගේ නම් හා ගම් සඳහන් නොකරමි. යම්කිසි පර්යේෂණයකට හෝ තවත් විස්තර දැන ගන්නට හෝ අවශ්‍ය නම් මාගේ ජංගම දුරකථන අංකය වන 0714462359ට කතා කොට දැන ගන්නා ලෙස දන්වා සිටිමි.

මෙය මගේ මිත‍්‍රයකුගේ අත්දැකීමකි. මිතුරා ඉංගී‍්‍රසි සහ වෙනත් භාෂා උගන්වන ගුරුවරයෙකි. කොළඹට නුදුරින් පදිංචි වී සිටී. 2015 අපේ‍්‍රල් 13 වෙනිදා සවස් භාගයේ තම නිවස ඉදිරියේ මිදුලේ ගසක් යට වාඩිවී තම ශිෂ්‍යයන් දෙදෙනකු සමග මිතුරා කතා කරමින් සිටියේය. හදිසියේම වාහනයක් තමාගේ ඇෙඟ් හැපෙන්නට එන බව දැනී පසෙකට මිතුරා විසිවිය. කතා කරමින් සිටි ශිෂ්‍යයෝ දෙදෙනාද විමතියට පත්වූහ.
 
”සර් මොකද අහකට පැන්නේ” කියා ඇසීය. නෑ ළමයිනේ වාහනයක් ඇඟට එනවා වගේ දැනුණා. ඒ සමඟම මෙම නිවෙසේ මීට පෙර නවාතැන් ගෙන සිටි තවත් ඉතා හිතවත් ළමයකු මිතුරා ඉදිරියේ පෙනී සිටියේය. මෙම ශිෂ්‍යයා දැනට රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. උසස් පෙළ ජීව විද්‍යා අංශයේ ඉගෙනුම ලබන කාලයේ උපකාරක පංතිවලට ගියේ මෙම මිතුරාගේ නිවසේ නවාතැන් ගෙනය. එකවරම මෙම වෛද්‍ය ශිෂ්‍යයා පෙනී නොපෙනී ගියේය. අවුරුදුවලට ”සර්ට” තෑගි ගන්න කියා යම් මුදලක් එවීම මෙම ශිෂ්‍යයාගේ පුරුද්දක් විය.

3

Sunday, February 15, 2015

බුදු හාමුදුරුවෝ පෙර ආත්මවලදී කරපු අකුසල් මොනවාද?

බුදුවරයකු යනු සියලු කෙලෙස් දුරුකොට යථාවබෝධය ලබාගත් උත්තමයෙකි. සංසාර බැඳීම්වලින් නිදහස් වූ උන්වහන්සේ පවින් වැළකී කුසල් සිත් පුරවමින් පෘථග්ජන මිනිසාටද නිවැරැදි මාවතේ යෑමට මඟ පෙන්වන සේක. දෙව්, බඹුන්, මිනිසුන් මෙන්ම ලෝකවාසී සත්ත්වයාගේද ගෞරවයට පාත්‍ර වන බුදුවරයකුට වුවද කළකම් පල දෙයි. එය බුදුදහමේ සඳහන් වේ.