Tuesday, June 10, 2014

සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්

Hagoda-Vipassi-Thero
සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක් 
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි 
බුදු දහම යනු බුද්ධියෙන් අවබෝධ කරගත යුතු ධර්මයකි. එසේම එය අවබෝධ කර ගත යුත්තේ අප කැමති අයුරින් නොවේ, සූත්‍ර ධර්ම කියවා බෞද්ධ විඥානයෙන්ම එය අවබෝධ කර ගත යුතුවේ.  බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට මෙය නැණවතුන්ට දෙසූ දහමක් මිස අඥානයන්ට දේශනා කරන ලද දහමක් නොවේ. එසේම බුදුදහම අදෘශ්‍යමාන, අද්භූත බලවේගයක් ලෙසද කිසිවකු නොසිතිය යුතුය. 
බුදුදහම නිසි ලෙස සමාජගත නොවූ යම් යම් වකවානුවල බුදුදහම වගේ පෙනෙන දේවල් පහළ වීම සිදුවිය. අද වන විට අපේ රටේ මේ තත්ත්වය කොයි තරම් ප්‍රබල වී ඇති දැයි කිවහොත් මිථ්‍යාව ‘ඉහඳ ගසන ලද වණයක්’ මෙන් ඔඩු දුවා ඇති අන්දම සමාජය දෙස බලන විට පෙනේ.