Wednesday, November 5, 2014

බුදුහාමුදුරුවොත් නැකැත් ගැන කියා දීලා තියනවා

බුදුහාමුදුරුවොත් නැකැත් ගැන කියා දීලා තියනවා හැබැයි ඒ අද තියන නැකැත් නම් ‍නෙවෙයි

mediaබුදුරජාණන් වහන්සේ විසින් බෞද්ධයන් සඳහා නිර්දේශ කරන ලද වෙනම සුබ නැකැත් වර්ගයක් ඇති බවත් නමුත් ඒවා වර්තමානයේ අප ජන සමාජය ව්‍යවහාර කරන වෛදික නැකැත් නොවන බවත් ගල්ගමුව යූ. බි. වන්නිනායක ජාතික පාස‍ලේ විදුහල්පති සහ ඇහැටුවැව දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගලහිටියාවේ සිරිරතන හිමියෝ අවධාරණය කරති. මේ ඒ සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් කළ වැඩිදුර කරුණු විචාරීමකි.

Thursday, October 16, 2014

බුදුන් කියාදුන් ලෝකය

    ලැබුවා වු මිනිසත් භවය යහපත් පැවැත්මකින් අවසන් කිරීමට නමි සියඵ එදේට ප‍්‍රථම තමන් විසින් හදුනා ගතයුතුය ලෝකය තුල ජීවත්වන අපට ලෝකය  කුමක්ද ?
කෙයිවගේද ? වටිනාකම කුමක්ද ?
දැනගන්න කීවේ එ්නිසාය සැමදෙයකටම සිත මුල්වන නිසා තමන්ගේ සිතෙහි උපදින සිතුවිලි පිලිබද මනා අවභෝදයකින් සිටිය යුතුය
නැතිනම් සිදුවන්නේ හැලිය ඇතුලේ නටපු කකුළුවාට සිදුවූ දෙයමය
මනුෂ්‍යයෙක්උවත් ඇතිවන සිතුවිල්ල යහපත්ද අයහපත්ද කියා තොරා ගැනීමට නොහැකිඋවහොත් ක‍්‍රියාව සිදුවන්නේද තේරුමක් නැතිවයx තමන්ගේ සිතුවිල්ල අයහපත් නරක බව දැනුනහොත් එය ඉවත් කිරීමට හැකිය

Tuesday, June 10, 2014

සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්

Hagoda-Vipassi-Thero
සීවලී පිරිත - ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක් 
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි 
බුදු දහම යනු බුද්ධියෙන් අවබෝධ කරගත යුතු ධර්මයකි. එසේම එය අවබෝධ කර ගත යුත්තේ අප කැමති අයුරින් නොවේ, සූත්‍ර ධර්ම කියවා බෞද්ධ විඥානයෙන්ම එය අවබෝධ කර ගත යුතුවේ.  බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට මෙය නැණවතුන්ට දෙසූ දහමක් මිස අඥානයන්ට දේශනා කරන ලද දහමක් නොවේ. එසේම බුදුදහම අදෘශ්‍යමාන, අද්භූත බලවේගයක් ලෙසද කිසිවකු නොසිතිය යුතුය. 
බුදුදහම නිසි ලෙස සමාජගත නොවූ යම් යම් වකවානුවල බුදුදහම වගේ පෙනෙන දේවල් පහළ වීම සිදුවිය. අද වන විට අපේ රටේ මේ තත්ත්වය කොයි තරම් ප්‍රබල වී ඇති දැයි කිවහොත් මිථ්‍යාව ‘ඉහඳ ගසන ලද වණයක්’ මෙන් ඔඩු දුවා ඇති අන්දම සමාජය දෙස බලන විට පෙනේ. 

Monday, May 26, 2014

මේ මරණය හැර තවත් මරණ තිබේද..?


මේ මරණය හැර තවත් මරණ තිබේද..?
ගිනිගත් ගෙයකින් නික්‌ම පලා යන්නවුන් මෙන් මේ දුක්‌බර සංසාරයෙන් නික්‌ම පලා යන සත් පුරුෂයෝම සසරේ බියකරු මරණය ඉක්‌මවා ගියෝ නොවේද? එනම් ඔවුන්ගේ ඒ අමානිවන් ගමන බෙහෙවින් මැ සිදු වූයේ ජීවිතය තුළ බියකරු මරණය එක්‌ වරක්‌ තුළ නොව දහස්‌ සුවහස්‌වර සිදුවන්නාවූ විපතක්‌ බව තේරුම් ගැනීමෙනි.
සංසාර ගත සත්වයන්ගේ ජීවිතය තුළ මරණය සිදුවන්නේ එක්‌වරක්‌ පමණෙකැයි ලෝකයා සිතාගෙන සිටින ආකාරයයි. එය සමාජ සම්මුතිය අනුව ඔබ සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන සත්ත්ව හෝ පුද්ගල ජීවිතයේ අවසානයයි. පරවී ගිය මලට කොතෙකුත් පැන් ඉස්‌සද එය යළි කවරදාකවත් නොපිබිදෙන්නාක්‌ මෙන් මරණයට ගොදුරු වූ ජීවිතයද කවර පිළියමකින්වත් කවදාවත් ආයෙත් ජීවිතය ලබන්නේ නැත.
සැබවින්ම ලෝකයා සිතන කල්පනා කරන මේ මරණය හැරුණු කොට ජීවිතයක්‌ තුළ තවත් අප්‍රමාණ මරණ සිදුවන්නේය. එය සසර ජීවිතය තුළ වන්නා වූ නාම රූප දෙක තුළම සිදු වන්නා වූ මරණය නැත්නම් බිඳ වැටීමයි. වරක්‌ ගත් ආහාරයක්‌ තුළින් සත්වයකුගේ රූප කාය තුළ හට ගන්නේ අලුත් රූප කලාපයකි. එය ඒ සත්වයාට මද වේලාවක්‌ යන තෙක්‌ සුඛ වේදනාවක්‌ ලබා දෙයි. එහෙත් ඉන් ඉක්‌බිතිව කාලය මරණයට පත් වෙන විට එම අලුත් සුවදායි රූප කලාපයද දිරාපත් වී මරණයට ගොදුරුවේ. ශරීරය තුළ දුක්‌ වේදනා හට ගන්නේ ඒ නිසාය. මේ ආකාරයෙන්ම ශරීරයේ අයහපත් රූප ඉපදීමෙන්ද සත්වයාට අනන්ත දුක්‌ පීඩාවලට මුහුණ පෑමට සිදු වේ. අයහපත් රූප කලාප හටගන්නේ එතෙක්‌ පැවති යහපත් වූ රූප කලාප මොහොතක්‌ නෑර මරණයට පත් වන නිසාය.

Wednesday, March 5, 2014

මෙලොව සැපත නැතිව පරලොව සැපතක් කොහිද?



ලෝකය තුළ හෝ ලෝකයෙන් පරිබාහිරව යම් ජීවී කොට්ඨාශයක් පහළ වන්නේ නම් ඒ සියල්ලෝම  අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික යන කුල සතරින්  එකකට අනිවාර්යයෙන් අයත්වේ. එකී කුලයන්හි ජලාබුජ හෙවත් මවු කුසින්   බිහිවන ජීවීන් අතරින් උසස් දියුණු කරගත හැකි මනසකින්  යන අදහසින් අනුවර්තනය කරන මනුෂ්‍ය වූ සත්ව කොට්ඨාශයෙහි  ඔබ අප  ඉපිද ඇත. මේ ඉපදීම ඔබට සහ මට කැමති අයුරින් සිදු වූවක්ද? නොඑසේ නම් වෙනත් කවුරුන්ට හෝ රිසියෙන් ඇති කරන ලද්දක්ද?
මෙම ඉපදීම අපට රිසි පරිද්දෙන් සිදුවිනි නම් අපගෙ අත් පා හැඩය සමේ වර්ණය මීට වඩා වෙනස් ආකාරයකට හැඩ ගැසී පැවතිය යුතුය. නමුත් ඒ සියල්ල අපට රිසි වන ආකාරයට දැන් සෑදී තිබේද?
අප සියලු දෙනා සිතා සිටින්නේ අප පරිහරණය කරන මෙම කය තමා කියාය. මේ කය තමා  නම් මේ කයෙහි අභ්‍යන්තරයේ පවතින ස්වභාවය හැඩතලයවත් අවම වශයෙන්  අප දැන ගත යුතුය.  නමුත් ශරීරයෙහි අභ්‍යන්තරයේ පවතින කිසිදු   අවයවයක ස්වභාවයක් ඔබ දැක හෝ නැති විය හැකිය. එසේ නම් සිදුව ඇත්තේ කුමක්ද? උදාහරණයක් ලෙස ගතහොත්  ඔබට කුලියට  දුන් රථවාහනයක් ගැන සිතන්න. එය පදවාගෙන යනු ලබන ඔබට වැටහෙනුයේ එම රථය තමාගේය යන හැඟීමය. නමුත් කුලියට ගත් අදාළ කාලසීමාව අවසන් වීමත්  සමගම  ඔබ කැමති වුවත් අකමැති වුවත් එම  රථය ආපසු  භාර දිය යුතුව ඇත.
අප ගෙවන මේ මනුෂ්‍ය  ජීවිතයද එබඳුය. මෙය අප විසින් පෙර ජීවිතයන්හිදී කරන ලද කර්මයන්හි විපාකයකි. එම විපාකය අපට අවශ්‍ය ආකාරයට සකස් කරගැනීමට නොහැකිය. අපට සකස් කර වෙනස් කර ගත හැකි වනුයේ කර්මයයි.