Wednesday, October 2, 2013

මෙච්චර කල් කිසිම කෙනෙක් ධර්මය දේශනා කළේ නෑ..........

ගොඩක් කාලයකින් මොනවත්ම ලියන්න වෙලාවක් ආවේ නැහැ පොඩි වෙලාවක් හම්බ වුනු නිසාම මට කියවන්න ලැබුණු ලිපියක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා කියවලා බලන්නකෝ...................

ඉපදුණු දා පටන් මිනිසුන් අරමුණු පසුපස හඹා යනවා. මෙලෙස අරමුණු පසුපස හඹා යෑම ප්‍රායෝගිකයිද?

අරමුණු සාක්ෂාත් කරගැනීමට ඒ අරමුණ පසුපස හඹා යෑම අනාර්යයි. නොදුවා සාක්ෂාත් කරගන්නා අරමුණු ආර්යයි. ගොඩක් සූත්‍ර දේශනාවල නිවනට කියන්නේ අමත කියලා. ඒ කිව්වේ අමෘතය කියලා. අරමුණ කියලා හඹා යන මේ හැම මිනිස්සුම හොයන්නේ මේ කියන අමෘතය. මේ ළඟදි දවසක මට අහන්න ලැබුණා පිස්සු පෙති පානය කරපු මිනිස්සු වගයක් ගැන. මම දන්නවා එහෙම වෙන්න හේතුව. මිනිස්සු හැම තිස්සෙම කල්පනා කරන්නේ සිතුවිලිවලින් නිදහස් වුණු ලෝකයක්. ඉතිං මේ හිස්තැන ඔවුන් තාවකාලිකව හරි නිර්මාණය කරගන්න උත්සාහ ගන්නවා. ඒ නිසා තමයි කොරෙක්ස් ඩී පැණි, ගංජා, පිස්සු පෙති වගේ දේවල් පාවිච්චි කරන්න පෙලඹෙන්නේ. නමුත් යම් කෙනෙක් අවබෝධයට පත්වීම නිසා ලබන සුවය ඒ සියලු විඳීම් අභිභවනවා.






ඒ සඳහා සියල්ල අත්හළ යුතුයිද?


ඔව්. සියල්ල අත්හැරියේ නැත්නම් අර අරක්කු බොනකොට බොන්නේ කොහොමද? සෝඩා එකතු කරලනේ. අන්න ඒ වගේ එකක් තමයි හම්බවෙන්නේ. මම කියන ඉනඪපඪබ එක ගන්න නම් සියල්ල අත්හරින්න ඕන. අත්හරින ප්‍රමාණයට අනුව තමයි සැනසීම උදාවෙන්නේ. මෙතැනදි අත්හරින්න කියලා කියන්නේ අතේ තියෙන දේ බිමට අතහරින්න කියන එක නෙවෙයි. මිනිසුන්ට අත්හරින්න කිව්වම එයාලා අතේ තියෙන බත් පිඟාන අත්හරිනවා. මම කියන්නේ බත් පිඟාන අතේ තියාගෙන ඒ කෙරෙහි ඇති මානසික බන්ධනය අත්හරින්න කියලයි.


අලුත් දෙයක් හොයාගත්තම වෙනස් අදහසක් ඉදිරිපත් කළාම සමාජය ඔහුව හඳුන්වා දෙන්නේ පිස්සෙක් කියලා. මෙවැනි සමාජයක සත්‍යය පහළ වෙන්නේ කොහොමද?


ඒ තමයි ලෝකේ හැටි. මොහොමද් නබි නායකතුමාට පිස්සු කිව්වා. ගෞතම බුදුහාමුදුරුවෝ බුදු වුණා කිව්වම කවුරුත් පිළිගන්න සූදානම් වුණේ නෑ. ඔළොක්කුවට හිනා වුණා. අයින්ස්ටයින්ට පිස්සා කිව්වා. සිග්මන්ඩ් ප්‍රොයිඩ්ට පිස්සා කිව්වා. බලාගෙන ගියාම මේ ලෝකේ පහළ වූ සුපිරි පුද්ගලයන් ඔක්කෝටම පිස්සෝ කියලා. ඒ විදියට මටත් කිව්වානේ පිස්සු කියලා. ලංකාවේ ඒ කාලේ හිටපු ලොකුම මනෝ විශේෂඥවරයා තමයි හරිශ්චන්ද්‍ර මහත්තයා. ඔහු එක්ක කතා කරද්දි ඔහු කිව්වා ඔබවහන්සේ අවබෝධ කරලද නැද්ද කියන්න ඥානය මට මදි. මගේ වෛද්‍ය විද්‍යා දැනුමටත් බුදුදහම පිළිබඳ දැනුමටත් මට ඒක අහුවෙන්නේ නෑ කියලා. ඒක තමයි මට හැදිච්ච පිස්සුව. ඒක ඩොක්ටර් හරිශ්චන්ද්‍රටත් හොඳ කරන්න බැරි වුණ පිස්සුවක්. ලෝකේ පහළවුණ සුපිරි ඥානවන්තයන්ව හංවඩු ගහන්නේ පිස්සා කියලා. හැබැයි මේ පිස්සො එක්ක වාද කරන්න සමත්වුණ කෙනෙක් ලෝකෙ කොහේවත් නෑ. මේ පිස්සන්ව පරද්දන්න බෑ. මේ පිස්සෝ හොයාගන්න දේවල් තමයි පිස්සු නෑ කියන මිනිස්සු ජීවිත කාලෙම භුක්ති විඳින්නේ.


අයින්ස්ටයින්, ප්‍රොයිඩ් වගේ අයත් ඒ අයගේ ක්ෂේත්‍රය තුළ ඔබවහන්සේ කියන අමෘතය පානය කළා නේද?

ඔව්. නමුත් ඒ ක්ෂේත්‍රය තුළ පමණයි. ඔවුන් ඒ සීමාවෙ හිරවෙනවා. නමුත් අවබෝධයට පත්වුණ කෙනෙක් ක්ෂේත්‍රයේ අමෘතය පානය කරන්න යන්නේ නෑ. ඒ නිසයි බුදුවරයෙක් සාපේක්ෂතාවාදයේ ගණිත ගැටලු විසඳන්න නොයන්නේ. ඔබට දැනෙන විදියට මේ ලෝකය 2ච් ඍඪඵඪධද ද 3ච් ඍඪඵඪධදද? ඒ කිව්වෙ ද්විමානයිද ත්‍රිමානයිද? ඒත් මම කියනවා විශ්වය සයමානයි කියලා. සයමාන විශ්වය (6D Vision) ප්‍රත්‍යක්ෂ වෙන්නේ අවබෝධ කරපු අයට විතරයි. දැන් ඔබ මගෙන් ප්‍රශ්න කරන්න එපා සයමාන විශ්වය මොනවගේද ඉතිරි තුන මොකක්ද කියලා. මොකද ඒක හරියට ගෙම්බකුට ගැඹුර පෙන්නුවා වගේ වෙනවා. ගෙම්බාට තියෙන්නේ 2D Visionද එකක්. උෟ ලෝකය දකින්නේ ද්විමානව. ඒ නිසා ගෙම්බෙකුට කිසියම් වස්තූන් දෙකක් සමාන දුරකින් තැබූ විට ඒ වස්තූන් දෙක අතර තිබෙන ගැඹුර පේන්නේ නෑ. උෟ ඒ වස්තූන් දෙක දකින්නේ එකම තලයක පිහිටා ඇති ආකාරයට. ඉතින් මමත් ගෙම්බෙක් ගෙනල්ලා මේකට පිටිපස්සෙන් මේක තියෙන්නේ කියලා ඉගැන්නුවාට තේරුමක් තියෙනවද? ඒ වගේ තමයි ඔබට 6ච් ඍඪඵඪධද එකක් ගැන අවබෝධ කරවීම ප්‍රතිඵල විරහිත උත්සාහයක්. අවබෝධයට පත්වුණ කෙනෙක් 6ච් ඍඪඵඪධද එකක ජීවත් වෙනවා. කවදා හරි මම වගේ පිස්සු හැදුණු කෙනෙක් පහළ වුණොත් කියයි ඔව් ලෝකය සයමානයි කියලා. 6ච් කියන කාරණයට දෙන්න පුළුවන් පුංචිම උදාහරණයක් විතරක් මම කියන්නම්. පොඩ්ඩකට මතක් කරන්න කතරගම දෙවියන්ට මුහුණු කීයක් තියෙනවද කියලා. ඒක තමයි දෙන්න පුළුවන් එකම උදාහරණය.


2D Vision එකකින් 6D Vision එකකට යන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?

මනුෂ්‍ය මොළයක දත්ත ගබඩාව තියෙන්නේ 2ච්වලට සාපේක්ෂව. ඒ කියන්නේ ඇත නැත කියන දෙකට සාපේක්ෂව. බුදුදහමේ නිර්වාණ මාර්ගය පෙන්වා දෙන්නේත් මේ කාරණාව තමයි. මම ඔබෙන් අහනවා සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. ඔබ කියයි ඒ යහපත් දැකීම කියලා. හොඳ දැක්මක් තියෙනවා කිව්ව ගමන්ම අනෙක් කෙළවරේ මොකක්ද තියෙන්නේ. නරක දැකීමකුත් තියෙනවා කියන අදහස නේද? එතකොට ඒ සම්මා දිට්ඨිය කියලා ඔබ තීරණය කළේ නරකට සාපේක්ෂව නේද? සංයුත්ත නිකායේ 'කච්ඡායනගොත්ත' කියන සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා. භික්ෂුවක් ඇවිත් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා "සම්මා දිට්ඨි සම්මා දිට්ඨි යැයි කියයි. ඔබ වහන්සේ කියන්න අපිට හරිම සම්මා දිට්ඨිය මොකක්ද කියලා" එතකොට බුදුහාමුදුරුවෝ කියනවා කච්චායන ලෝකයේ අන්ත දෙකක් තියෙනවා. ඇත; නැත කියලා. කච්චායන කවුරුහරි මෙලෙස ඇත කියන්නේත් නැතිව නැත කියන්නේත් නැතිව මැද සිටී නම් ඔහුට සම්මාදිට්ඨිය ඇත. උන්වහන්සේ සම්මාදිට්ඨියට දීපු මේ අර්ථකථනය බිඳින්න පුළුවන් කාටද? අන්න ඒක සම්මා දිට්ඨිය. ඒකම තමයි මේ මොළයේ දත්ත ගබඩාවේ තියෙන්නේ. ඇත නැත කියන දෙකට සාපේක්ෂව තමයි සියලුම ප්‍රශ්න, සිතිවිලි හදන්නේ. ඒ වගේම භෞතික ලෝකය දකින්නේ. එතකොට මේ ලෝකය පවතින්නේ කුමක් මතද. ඇත නැත කියන අන්ත දෙක මත. කවුරුහරි ඔය කියන අන්ත දෙකෙන් ඉවත් වුණොත් මොකක්ද තියෙන්නේ?. අන්න එතකොට ඔහුට 6ච් ඍඪඵඪධද එක හමුවෙනවා. හැබැයි ඒ සයමාන වූ ලෝකය පිළිබඳ ඇත නැත අතර ඉන්න කෙනෙක්ට කිව්වට තේරෙන්නෙ නෑ. විශ්වය කියන්න මහ අමුතු එකක්. විශ්වය තුළ අමුතු ස්වභාවයක් තියෙනවා.


සයමානික ලෝකය නොදකින ස්වාමීන් වහන්සේ එබඳු දහමක් පිළිබඳ ධර්මය දේශනා කරන්නේ කොහොමද?

ලෝකය කියන්නේ සිතයි. මේ ලෝකය සිත නිසා සකස්වන්නක්. සිත තමයි එකම දහම. යම් කිසි කෙනෙක් සිත නිවලා දැම්මොත් ඔහු නිවනට පත්වෙනවා. ගෞතම බුදු හාමුදුරුවෝ ජීවමානව සිටියානම් මට ඇඟිල්ල දික්කරලා කියයි උන්වහන්සේ කියපු දේවල් කියන එකම ජීවමාන පුද්ගලයා මම කියලා. පොඩි කතාවක් තියෙනවා. එක මිනිහෙක් ගියාලු පන්සලකට පෝය දවසේ. ඉතිං මේ මනුස්සයා පන්සලේ හැමතැනම ඇවිදලා බුදුහාමුදුරුවෝ හම්බවෙන්නත් ගියාලු. ගියාම විහාරේ ඇතුළේ මල් පහන් හඳුන්කූරු සුවඳයි රස්නෙයි දරාගන්න බැරි තරම් වැඩියිලු. ඉතින් අර මනුස්සයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා 'ස්වාමීනී මේ තරම් සුවඳ, මේ තරම් රස්නය, මේ තරම් දුම දරාගෙන මෙතැන වැඩසිටින්න පුළුවන්ද?" එතකොට බුදුහාමුදුරුවෝ කියනවා "ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒකනම් ඉවසන්න පුළුවන්. හැබැයි මම කිව්වයි කිය කියා අර කට්ටියක් ධර්ම ශාලාව ඇතුළේ කියන ඒවා ඇහෙද්දි නම් මට ඉවසන්න බෑ" ප්‍රඥාවන්තයන් දේශනා කරන්න ඕන බුද්ධ වචනය බාල මෝඩ පිරිස් අල්ලගෙන එයාලට ඕන විදියට විග්‍රහ කරනවා. එයාලට ගැළපෙන විදියට ඒ දහම ලියනවා. මේ නිසා සුපිරි ඥානවන්තයන්ට අසාධාරණයක් සිදුවෙනවා. එහි අවසානය විදියට සමස්ත මානව වර්ගයාම අපාගත වෙනවා. කවුරුත් නිවන් දකින්නේ නෑ. බුදු දහම තියෙන්නේ මිනිසුන්ව දිව්‍යලෝකේ යවන්න නොවෙයි. මිනිසුන්ව නිවනට පමුණුවන්න.


අද බණ කියන්න එන හාමුදුරු කෙනෙක් පටාචාරා කතාව කියනවා. ඊළඟ එක්කෙනා ඇවිත් අංගුලිමාල කතාව කියනවා. ආයේ සතියකින් විතර ඇවිත් ආයේ පටාචාරා කතාව කියනවා. දවසක් හාමුදුරුකෙනෙක් බණක් කියනවා. මවුපියන්ට සලකන ළමයින්ට පින් දෙන්න. මවුපියන්ට සැලකුවාම පින් දෙන්න ඕනද. ඒක යුතුකමක්නේ. අපේ සමාජයේ දහම ඒ තරම්ම පිරිහිලා. ඥානවන්තයන්ට පමණක් වැටහෙන මේ උතුම් බුද්ධ වචනය හරි තැනට ගේන්න ඕන. අපි බුද්ධ ප්‍රතිමාව තියපු මල් ආසනය දිරලා පිළිමේ වැටිලා කුණු ගොඩකට. දැන් අපිට සිද්ධවෙනවා අලුතින් මල් ආසනයක් හදලා අර පිළිමේ හෝදලා, ආයෙත් මල් ආසනේ උඩින්ම තියන්න. දැන් මම කරන්නේ ඒ කටයුත්ත තමයි.


ඔබවහන්සේ එම දේශනාව සිදු කරන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන්ද?


මෙච්චර කල් කිසිම කෙනෙක් ධර්මය දේශනා කළේ නෑ. කල් මැරුවා විතරයි. හරියට විෂය දන්නේ නැතිව වටේ ගියා. විෂය දන්න කෙනා කෙළින්ම අමෘතය පානය කරන විදිය කියලා දෙනවා. මනුෂ්‍යයන්ට ප්‍රත්‍යක්ෂ දෙකක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය සහ අතීන්ද්‍රීය ප්‍රත්‍යක්ෂය. මට ඒ දෙකම තියෙනවා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන්නේ පොත පත ආදිය පරිශීලනය කරලා ලබාගන්නා දැනුම. මම ඒ දැනුමෙන් පරිපූර්ණයි. නමුත් මගේ අනින්ද්‍රිය ප්‍රත්‍යක්ෂය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයටත් වඩා විශාලයි. අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට හරි අමුතු දේවල් ගෝචර වෙනවා. නිර්වාණය කියන්නේ ජීවත්වෙලා ඉඳිද්දි විඳින සැපතක් මිසක් මැරුණට පස්සෙ ලබන සතුටක් නෙවෙයි.


අවබෝධයට පත්වුණ කෙනෙක් ලෝකයේ සුන්දරත්වය විඳින්නේ කොහොමද?


ලෝකයේ සුන්දරත්වය හරියටම දැනෙන්නේ අවබෝධයට පත්වුණ රහතෙක්ට විතරයි. "රමණීයාති අරංඤාතී - යත්ථන රමණී චනෝ වීතරාගා රමෙස්සන්තී - නතේ කාම ගවේසතී"
බලන්න කැලේ හරිම ලස්සනයි. ඒ වුණාට කාමයෙන් පිරුණ කෙනෙක්ට ඒ සුන්දරත්වය රමණය කරන්න තේරෙන්නෙ නෑ. වීතරාගින් ඒ සුන්දරත්වය රමණය කරනවා. බුදුවරයකුට පුළුවන් දූවිලි අංශුවකට පවා ආදරය කරන්න. 'වීතරාගා රමෙස්සන්තී" වීතරාගීන් රමණය කරනවා. විතරාගීන් දූවිලි අංශුවක් හෝ නැති වුණ කල සිතිවිල්ලක් හෝ අල්ලාගෙන රමණය කරනවා. ඒ කියන්නේ වීතරාගී පුද්ගලයකුට රමණය කරන්න දූවිලි අංශුවක්වත් අවශ්‍ය නෑ. සිතුවිල්ලක් වුව ප්‍රමාණවත්.


සංජක ප්‍රසාද් ‍ෙදාළේවත්ත


මවිබිමෙන්- උපුටාගැනීමක්

No comments:

Post a Comment