Thursday, August 8, 2013

ඔබ කැමති කෙනාගේ වයස දැනගන්න ඕනද ? එහෙනම් දැනගන්න

මිතුරනේ  මට හිතුනා ඔයාලට කාගේ හරි වයස දැනගන්න ක්‍රමයක් ගැන කියලා දෙන්න. සමහර විට මේක ඔයාලා දන්නවත් ඇති නොදන්නා අයත් ඇතිනේ ඒ නිසා මේ නොදන්නා අයට පමණයි ඈ...........

අපි හිතමුකෝ කෙල්ලෙකුගේ හරි කොල්ලෙකුගේ හරි වයස දැනගන්න ඕන කියලා එතකොට ඉතින් අපිට ඔහුගෙන් හෝ ඇයගෙන් අහන්න වෙනවනේ ඔයාගේ වයස කියාද කියලා. ඒවුනාට ඉතින් වයස කියන එක ගොඩක් අය හංගනවනේ වයස ඇහුවොත් ගොඩක් අය කියන්නේ වයස අඩුකරලානේ ගොඩක්ම ඉතින් ගැහැණු අය තමයි එහෙම කරන්නේ කොහොම වුනත් මම මේ කියලා දෙන විදිහට හරිම වයස දැනගන්න වගේම එයාගේ ගෙදර ඉන්න සාමාජික ගනනත් ඔයාලට දැනගන්න පුළුවන් වේවි.



මෙහෙමයි කරන්නේ .

වයස දැනගන්න ඕන කරන කෙනාට කියන්න.
ඔයාට මම සාස්තරයක් කියන්නම් හැබැයි මම දෙන ගාන හදන්න හදන්න වෙනවා කියලා. එයාට ඕනනම් කැල්... එකක් පාවිචි කරන්න කියන්න
ඊට පස්සේ ඔයාට නොපෙනෙන විදිහට මෙන්න මේ ගාන ලියාගෙන හදන්න කියන්න 
එයාගේ වයස 2න් වැඩිකරන්න කියන්න ලැබෙන උත්තරයට 5ක් එකතුකරන්න කියන්න නැවත ලැබෙන පිළිතුර 5න් වැඩිකරන්න කියන්න ලැබෙන උත්තරයට පවුලේ හෝ ගෙදර සාමාජිකන් ගණන එකතු කරන්න කියන්න ඊට පසු ලැබෙන උත්තරයෙන් 25ක් අඩුකරන්න කියන්න අවසන් පිළිතුර අහලා දැනගන්න දැන් හරි 
එයා ඔයාට දෙන පිලිතුරේ පළමු ඉලක්කම් දෙකෙන් කියන්නේ එයාගේ වයස බවත් ඉතිරි ඉලක්කම් එක හෝ දෙක පවුලේ හෝ ගෙදර සාමාජික ගණන බවත් දැනගන්න. 

උදා: අපි හිතමු වයස 20ක සහ ගෙදර 3 දෙනෙක් සිටින කෙනෙක් කියලා
20x2+5x5+3-25=203 හරි නේද ? 
බලන්නකෝ මුල් ඉලක්කම් 2ක 20 නිසා එයාගේ වයස 20යි 
අන්තිම ඉලක්කම 3 නිසා පවුලේ සාමාජික ගණන 3යි

No comments:

Post a Comment