Monday, April 29, 2013

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් කල හැකි දෙයක් තිබේද?

මේ ලිපිය කිසිවෙකුට මඩ ගැසීම සදහා හෝ චෝදනා කිරීමට ලිපියක් නොවේ,

අද පුවත් පත් දැන්වීම් වල සහ අන්තර්ජාල තුල නොයෙකුත් ආකාරයේ .....යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන උදවිය
පිළිබද විවිද  දැන්වීම් විවිද පුවත් අසන්නට දකින්නට ලැබෙන බව අපි  දනිමු. ඒ අතර නක්ශාස්ත්‍ර විද්‍යාව උපයෝගී කර කටයුතු කරන්නෝ සහ දෙවියන් ආරුඩ කගත්තෝද වෙති.  තවද මලගිය අය උපකාර කරගන්න අයද ඕනෑ තරම් සිටිති.

 
  පසුගිය දිනක "ලංකා සි නිවුස් " පුවතක


"කළුතර පොලීස් අභ්‍යාස විද්‍යාලයේ සුබ සාධක වෙළෙදසැලේ තිබූ රුපියල් ලක්ෂ 13ක මුදලක් කිසිවෙකු විසින් සොරා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇතැයි පොලිස් මූලස්ථාන අරංචිමාර්ග කියයි.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ නියෝගයක් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණ ආරම්භ කොට ඇත.
අභ්‍යාස  විද්‍යාලයේ සුභ සාධක වෙළෙදසෙලේ අල්මාරියක තිබූ මෙම මුදල් කිසිවෙකු විසින් සොරාගෙන තිබුණේ මීට මාස දෙකකට පමණ ඉහතදීය.
පොලීසිය මීට පෙර මෙම සිද්ධියේ සැකකරුවන් ඇල්ලීමට මීට ප‍්‍රථම කනප්පුවක් කරකවා තිබුණද ඉන් කිසිදු හෝඩුවාවක් අනාවරණය නොවීම හේතුවෙන් සිද්ධියේ සැකකරුවන් ඇල්ලීමට මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබුණි.
සිද්ධියේ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව  පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය."

මෙවැනි පුවත් වගේම නොයෙකුත් ආකාරයේ හරිගිය හරි නොගිය ගුප්ත කටයුතු පිලිබදව පුවත් අප දින පතාම පාහේ අසා ඇත්තෙමු.

මෙවැනි කටයුතු ගැන ඔබ සිතන්නේ කොහොමද 

ඔබ මෙවැනි දේ විශ්වාස කරනවාද 

මේ පිලිබදව විද්‍යත්මක පැහැදිලි කිරීමක් කල හැකිද 

ආගමික වශයෙන් මේවා පහදන්නේ මොන ආකාරයටද 

මේවා බොරු කියා සිතනවාද ඇත්ත කියා සිතනවාද 

අපි පැහැදිලි කර ගමු අපි පටන් ගමු සංවාදයක් ,සාකච්චාවක් 
හෝ වාදයක් 

කරුණාකර අසබ්‍ය වචන බාවිතා නොකරන්නේනම් අගය කරමි 

1 comment:

  1. meka gana kiyanna deyak matanam tiyanawa deviyan kiyanne nopenena balawegayak yanthara manthara kiyanne apitath kiyanna puluwan deyak eath me deakema aththak tiyanawa mama addakimen kiyanne habai hamathanama hari kiyanna be man danna eakama thanak thiyanawa 100% sure katahari mehema prasnayak tiyanawanam kiyanna ර๠ප๢යල๞ ලක๞ෂ 13ක ම๤දලක kiyanne loku ganak ea wage godak watina deyak horen gaththa ayata nisi daduwam denna oni

    ReplyDelete